Total Pageviews

Popular Posts

Tuesday, June 18, 2013

චීවරයෙන් වාසාගන්නා අදමකමද?අමනකමද?



        
                        





බෞද්ධ ජන්තාවගේ උතුම්ම දිනය වන වෙසක් දවසේ රටම අපකිර්තියට පත්කරමින් චීවරදාරි ඉන්ද්‍රරත්න හිමි තම ශරීරයට ගිණි තබාගනිමින් ගෞතම බුදුන් දෙසු සදහම් දහම මුලුලොව හමුවේ නිගාවට පත්කරන ලදි.ඉන්ද්‍රරත්න හිමිව මේ සදහ යොමු කළ පුද්ගලයන්ගෙ පරමාර්තය කුමක්ද?
රටේ පවතින ජතික අර්බුද,දුෂණ,අවනිතීය,වසන් කිරිමටද? නැතහොත් තම පක්ෂය,තම සංවිධානය,තමාව ප්‍රසිධ කරගැනිමටද? ගවමස් කෑම ලංකාවේ අද ඊයේ සිට නොව අනාදිමත් රජ දවසේ සිට පැවත එන්නකි.එයට උදාහරණ ඔනාතරම් සොයාගැනිමට අප ඉතිහාස පොත පෙරලිමේදි හැකිය.හෙළ රජ දවසේ රජවරු දඩයමේ ගොස් සතුන් මරා තම අගබිසවන් සතු‍ටුකළ බව ඉතිහාස පොත්වල ඇත.හරකා පමණක්ද? ජිවයක් හිමි සතා එතකොට කුකුළා,ඌරා,එළුවා,මාළු මොවුන්  ජිවය රහිත සතුන්ද .මෙය හුදෙක්ම අපරටේ ජාතියකට විරුද්ධව ගන්නා  ප්‍රචණ්ඩත්වයේ එක් ක්‍රියා මාර්ගයක් පමණි.හලාල් හරහා ගෙනා විරුද්ධත්වය වෙනත් මගක යමින් සමස්ත බෞද්ධ ජනතාව අපකිර්තියට පත්කිරිමට ගන්නා පුංචි චිවරදාරින් පිරිසකගේ අමන කමකි.වාර්තමාන රජයේ මුදලට ක්‍රෑධරව තම ගතසුව පිනිස සුලු තරයකගේ උවමනා එපාකම් ඉ‍ටුකිරිමකි.මෙවන් ක්‍රීයා නැවැත්විමට සමස්ත බෞද්ධ ජනතාවගේ මෙන්ම සංග රත්නයේ යුතුකමකි.චිවරය ‍රැකිම ගෞතම බුදුන්වාහන්සේව ආරෂා කිරිමකි.යම් ප්‍රාණයක් ඝාතනය කිරිම,සියදිවි නසාගැනිම බෞද්ධ දර්ශණයට අනුව පාප කර්මයකි.බෞද්ධ ජනයා චීවරයට ගෞරව කරති.වෙනත් ආගම්වල අයද චීවරයට ගරු කරති.නමුත් අද ලංකාවේ චීවරය පොරවාගෙන සිටින්නේ චීවරයට සුදුසු පුද්ගලයන්ද.තම සිවුර වාසාගෙන කියන කරන දෑ වලින් පෙනෙන්නේ එයට හාත්පසින්ම වෙනත් කතා වස්තුවකි.බෝදු බළ සේනාවේ නායකයා ඔහුද අධිකරණයේ වරද කරු වුවකි.එනම් බිමතින් රියපදවා පුද්ගලයකු තම රියට යට කිරිම,ඔහුද චීවරය හැද සිටි.තවත් කිමට ඔනැතරම් නම් ඇත,නමුත් චීවරය ආරක්ෂා කිරිමට   හැම පැවදි ස්වාමින් වාහන්සේ නමක්ම කැපවි සිටිති.එය එසේ නොවන්නෙ නම් මහා සංග රත්නය එයට මැදහාත්වි එය ආරක්ෂා කළ යුතුය.දේශපාලන උවමනාවට චීවරය බාල්දු කරන්නේ නම් හරකෙක් මැරිමට වඩා පාප කර්මයකි.චීවරය ‍රැකිමට වඩා චීවරය විනාශ කිරිමට දේශපාළකයන් පෙනිසිටිම මැතකාළයේ සිදුවුනු සිද්ධිවලින් පෙනි යන්නේය.

0 comments:

Search

Login Form

Blogroll

සිංහලයා සිංඩිය සාමාජිකයකි

sinhalaya sindiya